hit counter

2024 ජූනි මස 25 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 14, ප.ව. 1:50



ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පැවැත්වීමට නියමිත ඉදිරි නිලවරණය සඳහා කොන්දේසි කිහිපයක් පනවා තිබෙනවා.

ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත් කිරීමට නම් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙරටට දැන්වූ මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කළ යුතු බවත් ඒ අනුව සාධාරණ සහ අපක්ෂපාතී නිලවරණයක් පැවැත්වීම එහි ප්‍රධානතම කරුණ වන බව සඳහන්.

මීට අමතරව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ලබාදුන් කොන්දේසි අනුව අද (14දා) දිනය වනවිට එහි සියලුම සාමාජිකයින්ට නිලවරණය දැනුම්දිය යුතු අතර, ඒ අනුව අද පස්වරුවේදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විශේෂ මහා සභාරැස්වීමක් කොළඹදී පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

මෙම මස 19 වැනිදාට පෙර නාමයෝජනා යොමු කළ යුතු අතර මෙම මස 29 වැනිදා වනවිට නිලවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ නාම ලේඛනය පිළියෙළ කළ යුතු වනවා.

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය ලබන සැප්තැම්බර් මස 29 වැනිදා පැවැත්වීමටත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දන්වා

එසේම නිලවරණය රහස් ඡන්දයකින් පැවැත්වීමටද නියෝග කර ඇත.