hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 අගෝස්‍තු 24, ප.ව. 1:04



ශ්‍රී ලංකා සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවි ලකුණු 204ක් ලබා සිටියාය.

ඒ අනුව එංග­ලන්ත පළමු ඉනි­මට වඩා ඉදි­රි­යෙන් සිටියේ ලකුණු 82ක් පමණි.

කමිඳු මෙන්ඩිස් ලකුණු 56ක් සහ දිනේෂ් චන්දි­මාල් ලකුණු 20ක් රැස් කර­මින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි­යහ.

සිය 42 වැනි ටෙස්ට් අර්ධ ශත­කය රැස් කළ මැතිව්ස් ලකුණු 65කට දැවී ගියා.

එංගලන්තය පළමු ඉනිමට ලකුණු 358ක් ද,ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 236ක් ලබා ගත්තා.

එහිදි සිය මංගල ටෙස්ට් ශත­කය රැස් කළ ජේමි ස්මිත් පන්දු 148කදී හතරේ පහර 8ක් සහ හයේ පහ­රක් සමඟ ලකුණු 111ක් රැස් කර කළා.

පන්දු යැවී­මේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ දැමූ අතර, ප්‍රභාත් ජය­සූ­රිය කඩුලු 3ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් සහ මිලාන් රත්නා­යක කඩු­ල්ලක් දවා ගත්හ.

අද තර­ගයේ සිව්වැනි දින­යයි.