hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 02, ප.ව. 2:40



ලංකා ප්‍රිමියර් T20 ක්‍රිකට් තරගාවලියේ පැවැති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් විය.

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජයටපත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 179ක් රැස්කළේය.

මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 91ක් ද, චමිඳු වික්‍රමසිංහ නොදැවී ලකුණු 62ක් රැස්කළේය.

පන්දු යැවීමේදී දසුන් ශානක කඩුලු 03ක් දවා ගත්තා.

ලකුණු 180ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02ක් අවසානයේ ලකුණු 183ක් රැස්කරමින් ජයග්‍රහණය කළා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 65ක් ද, දසුන් ශානක නොදැවී ලකුණු 46ක් ද,ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 37ක් ද ලබා ගත්තා.