hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 02, ප.ව. 9:06



ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් අනුව 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මීටර් 800 කාන්තා ඉසව්ව වෙනුවෙන් තරුෂි කරුණාරත්න සහ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව වෙනුවෙන් ක්‍ දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබාගැනීමට සමත්වුණා.

තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ඉසව්ව ශ්‍රේණිගත කිරීම් සටහනේ 45 වැනි ස්ථානයට පත්ව ඇති අතර ඇය මීටර් 800 ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාවන් 48 දෙනා අතරට පැමිණියා.

දිල්හානි ලේකම්ගේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර ඉහළම ශ්‍රේණිගත කිරීම අත්කර ගැනීමට සමත් වූ අතර, දැනට ශ්‍රේණිගත කිරීම් සටහනේ ඇය 26 වැනි ස්ථානයේ පසුවන අතර, ඇයගේ ඉසව්වෙන් ක්‍රීඩිකාවන් 32ක් තෝරා ගත්තා.