hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2024 ජූනි 30, පෙ.ව. 1:53



2024 T20 ලෝක කුසලානයේ ශූරතාව ඉන්දීයාව දිනා ගත්තේය.

ඒ අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 7කින් පරාජය කරමින්ය.

බාබෙඩෝස් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දිය නායකයා දිනා ගත් අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.

ඒ අනුව ඉන්දීය කන්ඩායම නියමිත පන්දුවාර 20දි කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කළා.

විරාත් කෝලි අවසන් තරගයේදි ලකුණු 76ක් රැස් කරමින් අවශ්‍යම මොහොතේ සිය පිත්ත ක්‍රියාත්මක කළා.

අක්සාර් පටෙල් ලකුණු 47ක් සහ ෂිවම් ඩුබේ ලකුණු 27ක් රැස් කළ අතර

කේෂාව් මහරාජ් සහ එන්රිච් නොක්‍යා කඩුලු 2 බැගින් දවාගත්තා.

ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

හෙන්රික් ක්ලාසන් ලකුණු 52ක් රැස්කළ අතර ක්වින්ටන් ඩි කොක් ලකුණු 39ක් රැස්කළේය.

ජස්ප්‍රිට් බුම්රා සහ අර්ෂ්දීප් සිං කඩුලු 2ක බැගින් දවාගත් අතර හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 03ක් දවාගත්තේය.

(Photo by Gareth Copley/Getty Images)

ඉන්දියාව 2007 T20 ලෝක කුසලානයෙන් පසු මෙවර ලෝක කුසලාන දිනා ගත්තා.

ඔවුන් ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගත්තේ 2011 එක්දින ලෝක කුසලානයෙන් පසුවයි.