2024 පෙබරවාරි 21, ප.ව. 11:38
ශ්‍රී ලංකාව සමඟ පැවැති තුන්වැනි T20 තරගයෙන් ලකුණු 3ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 5ක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 209ක් ලබා ගත්තේය.
රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් ද, හස්රතුල්ලා සසායි ලකුණු 45ක් ද ලබා ගත්තා.
අකිල ධනංජය ලකුණු 37කට කඩුලු 2ක් ද,මතීෂ පතිරණ ලකුණු 42කට කඩුලු 2ක් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා.
පැතුම් නිස්සංක ලකුණු 60ක් ද ,කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 65ක් රැස්කළාය.
මොහොමඩ් නබී ලකුණු 35කට කඩුලු 2යි.
අවසන් පන්දුවාරයේදී කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා කරමින් සිටින අතරවාරයේදී නිපන්දුවක් ලබා නොදීම මතභේදයට තුඩුදුන්නා.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තා.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41