hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2022 මැයි 23, ප.ව. 12:47



ශ්‍රි ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඊයේ (22) ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවක් සහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

මීටර 200 ධාවන ඉසව්ව තත්පර 20.37කින් නිම කරමින් යුපුන් මෙම සමත්කම දක්වා තිබෙනවා.

ඉන්දියාවේ අම්ලන් බෝර්ගොහයින් විසින් පිහිටුවා තිබූ තත්පර 20.52ක දකුණු ආසියානු වාර්තාව යුපුන් අබේකෝන්‍ විසින් එලෙස බිඳ දමනු ලැබුවා.

2018 වසරේ විනෝජ් සුරංජය තත්පර 20.68ක කාලයක් වාර්තා කරමින් පිහිටුවා තිබූ ශ්‍රී ලංකා වාර්තාවද යුපුන් අබේකෝන්ගේ එම දක්ෂතාවත් සමඟ බිඳ වැටුනා.

මීටර් 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවටද හිමිකම් කියන්නේ යුපුන් අබේකෝන්. එම ඉසව්වේ තත්පර 10.15ක දක්ෂතාවක් වාර්තා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවා තිබෙනවා.