2025 මාර්තු 02, ප.ව. 11:23
කොළඹ ආනන්ද හා නාලන්දා විදුහල් අතර 95වන වරට පැවති ‘සුලෝහිත සංග්‍රාමය’ මහා ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වුණා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ආනන්ද කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 324ක් රැස්කර ඉනිම අත් හිටුවිය.
නාලන්දා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 325ක් රැස්කර ඉනිම අත්හිටුවීමට කටයුතු කළේ ආනන්ද කණ්ඩායමට දෙවැනි ඉනිමට ආරාධනා කරමින්.
මෙහිදි ආනන්ද කණ්ඩායම වෙනුවෙන් දිනද අතලගේ ලකුණු 131ක් හා නාලන්දාව වෙනුවෙන් නදුල් ජයලත් ලකුණු 111ක් ලබා ගත්තේය.
ඒ අනුව දෙවන ඉනිම ඇරඹූ ආනන්ද කණ්ඩායම දිනය නිමාවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 27ක් රැස්කර ගෙන සිටියා.
2025 මාර්තු 04, ප.ව. 8:05
2025 මාර්තු 04, ප.ව. 7:45
2025 මාර්තු 04, පෙ.ව. 12:31
2025 මාර්තු 01, පෙ.ව. 12:06
2025 පෙබරවාරි 28, ප.ව. 11:45