2023 නොවැම්‍බර් 06, ප.ව. 11:49
එක්දින ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගයේ දී ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස්ටට සිදු වුණා.
එහිදී ඔහු වාර්තා පොත් අතරටද ඇතුළත් වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ Timed Out ආකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසිනි.
තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජිලෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.
“බොහොමත්ම කණගාටුයි බංග්ලාදේශ කණ්ඩායම ඒ අවස්ථාවේදී ක්‍රීඩා කරපු විලාශය ගැන. මම විනාඩි දෙක ඇතුළත ක්‍රීස් එකට ගිහිල්ලා, ක්‍රීස් එකේදි තමයි හෙල්මට් එක ගැලවුණේ. ඒක හොදටම අම්පයර්ලත් දැක්කා. මට තත්පර තව 5ක් තිබ්බා හෙල්මට් එක කැඩුනගෙන් පස්සෙත්. මම ගිහින් හෙල්මට් එක පෙන්නුවගෙන් පස්සේ අම්පයර්ස්ලා කියනවා ඒගොල්ලෝ ඇපීල් කරා කියලා. මං ඇහුවාම මේකෙ කොමන් සෙන්ස් එක කොහෙද මොකද මගේ විනාඩි දෙක පැනලත් නෑ.”
“ඔක්කොම වීඩියෝ සාක්ෂි එක්කම තියෙනවා. අම්පයර්ස්ලත් දැන් කෝච්ලට කියලා තියෙනවා ඒගොල්ලන්ට ආයෙ චෙක් කරන්න තිබුණා කියලා. දෙයක් උනාගෙන් පස්සේ වැඩක් නෑ. එවලේ චෙක් කරන්න තමයි ඕනි. ටෙක්නොලොජි එක තියෙනවා. අම්පයර්ස්ලට බලන්න පුලුවන් ඒ වෙලාව. මගේ අවුරුදු 15 මං දැකලා නෑ මෙච්චර පහත් තත්වයට වැටෙනවා කණ්ඩායමක් සහ ප්ලේයර් කෙනෙක්.”
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39