hit counter

2024 ජූනි මස 28 වන සිකුරාදා

2023 අගෝස්‍තු 30, ප.ව. 10:16



2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය හෙට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිතයි.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

දුෂ්මන්ත චමීර ,වනිඳු හසරංග ,ඩිල්ෂාන් මධුෂංක සහ ලහිරු කුමාරගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවීමත් සමග හෙට තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නගේ වැඩි බරක් කසුන් රාජිතට සහ මහීෂ් තීක්ෂණට අදින්නට සිදුවනවා.

මීට අමතරව බිනුර ප්‍රනාන්දු හෝ ප්‍රමෝද් මධුෂාන් අතරින් එක් අයෙකු ද හෙට ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමට ද නියමිතයි.

බංග්ලාදේශ තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේ ශ්‍රී ලංකා එක්දින සහ T20 නායක දසුන් ශානක පවසා සිටියේ අවසනාවන්ත ලෙස කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් ආබාධයකට ලක් වුවත් සිය කණ්ඩායම මෙවර ආසියානු කුසලානය සදහා සූදානම් බවයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගය හෙට ( 31වැනිදා ) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.