hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 30, ප.ව. 10:22



ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කායවර්ධන සම්මේලනය සහ සංස්කෘතික සංගමය සංවිධානය කරන කායවර්ධන තරගාවලිය දෙසැම්බර් මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියට Sri Lanka Masters Champion Mr. Hercules Top 10, Youth Junior & Physique Men/ Women Championship – 2023 යන තරග ඉසව් ඇතුළත් කර තිබෙන අතර, තරගාවලිය සමග විවිධ ප්‍රසංගයක්ද (නැටුම්/ රැඟුම් සමඟ සංස්කෘතික දර්ශන) පැවැත්වීමට තරග සංවිධායකයින් අපේක්ෂා කරයි.

තරගාවලියේ මූලික තරග පෙ.ව. 08.30ට ආරම්භ කෙරෙන අතර, අවසාන මහා තරගය ප.ව. 03.30ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන නාඩා රඟහලේදී පැවැත්වෙනවා.

අධිකරණ, බන්ධනාගාර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කටයුතු මාත්‍ය විජේදාස රාජපක්‍ෂ, ජනාධිපති මෙහෙයුම් කටයුතු ප්‍රධානී සාගල රත්නායක, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ, ටී. අලෙයිලීමා, 306/2C සිංහාධිපති ඉස්මිත් හමීඩ්, නිමල් බුලත්සිංහල සහ ලසන්ත අමරසිංහ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට ආරාධිතයින් ලෙස එක්වීමට නියමිතයි.

තරගාවලිය පිලිබඳ වැඩිදුර විමසීම් ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කායවර්ධන සම්මේලනය සහ සංස්කෘතික සංගමයේ සභාපති කේ. තිලත් ජයවීර (0766530175), ප්‍රධාන ලේකම් කේ. ගාමිණී ද සිල්වා (0763356362), භාණ්ඩාගාරික ඩී. එන්. සිල්වා (0717320570) සහ සුරන්‍යා සුසෑන් (0762027788) යන මහත්ම මහත්මීහු ඇමතීමෙන් ලබාගත හැකිය.