hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 19, ප.ව. 11:03



සිය ක්‍රිකට් සමුගැනීම ඉතා කඩිනමින් සිදුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව තැබූ වාර්තාගත ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කෙසේ වෙතත් එය සිදුවන දිනයක් පැවසිය නොහැකි බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චමරි අතපත්තු සඳහන් කළා.

නායිකාව ලෙස සිය කණ්ඩායමේ දක්ෂතා ගැන ආඩම්බර වන බව ද ඇය පැවසුවාය.