hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 08, පෙ.ව. 10:31



අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වනවිට සැත්කමට ලක්කරමින් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පැවැති තරගයේදී නුවර කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අනතුරකට ලක් වුණා.

ඒ උඩ පන්දුවක් ඔහුගේ මුඛයේ වැදීම හේතුවෙනි.

අනතුරට ලක්වීමෙන් අනතුරුව චාමික කරුණාරත්න කඩිනමින් ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

චාමිකගේ දත් හතරක් කැඩී ඇති බව නුවර කණ්ඩායම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කරයි.