hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 9:48



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ක්‍රීඩා සමාජ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පළමු පෙළ ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේ නව සැලසුම්, පාසල් ක්‍රිකට් සහ ක්‍රීඩා සමාජ තරගාවලි තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසුවේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත හිටපු ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විවිධ තනතුරු සඳහා පත්කිරීම සාධනීය තත්ත්වයක් බවය.