hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 15, ප.ව. 1:00



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයය සදහා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාදීකරණය අද තීරණය කළා.

ඒ වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එම ගැසට් නිවේදනය අවලංගු කරමින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමගයි.

කෙසේ වෙතත් ඉදිරියේ දී යම් නීතිමය අවශ්‍යතාවයක් මතු වුවහොත් එම පෙත්සම යළි කැදවීමට පෙත්සම්කරුවන්ට අයිතිය ලබා දෙමින් පෙත්සම් විභාගය අවසන් කරන බවත් විනිසුරු මෙහිදි පවසා සිටියා.