hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 23, පෙ.ව. 10:47



බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගයේ දී,
Durdanto Dhaka කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ ඩකාහි Sher-e-Bangla ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී Chattogram Challengers කණ්ඩායමට එරෙහිව ඉනිමේ ආරම්භයේදීම පන්දුවට පහරදීමට ගොස් තුවාල ලබා පිටියෙන් ඉවත් විය.

ධනුෂ්කගේ මුහුණ ප්‍රදේශයේ පන්දුව වැදී මෙම අනතුර සිදුවුණා.

ධනුෂ්ක වෙනුවට කණ්ඩායමේ අදාළ ස්ථානයට තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු වන ලසිත් කෲස්පුල්ලේ ආදේශ කළා.

කෲස්පුල්ලේ සංචිතයේ මුල් ක්‍රීඩකයින් 15 දෙනා අතර නොසිටීම නිසා මේවන විට මෙම ආදේශ කිරීම මතභේදයට තුඩුදී තිබෙනවා.