hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 14, ප.ව. 9:33



ශ්‍රී ලංකා එක්දින සහ T20 ක්‍රිකට් නායකයා දසුන් ශානකට 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමිව ගියා.

පාකිස්ථානය සමග පැවැති තරගය අතරවාරයේදී දසුන් කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්ව තිබෙන අතර එම ආබාධය සුවවීමට සති 3ක පමණ කාළයක් ගතවන බව වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.

දසුන් ශානක වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න කැදවීමට The Event Technical Committee ය අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අනිද්දා පැවැත්වීමට සැලසුම් කර තිබෙන ඔස්ට්‍රේලියා තරගයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් නායකත්වය ලබා දීමට ද නියමිතයි.