hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 1:58



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සහ ඔහුට එරෙහිව ලිංගික හිරිහැර චෝදනා එල්ල කරන ලද කාන්තාව අතර පළමු හමුවේ CCTV දර්ශන පළමුවරට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේදී තුන්වැනි දිනටත් විභාග කෙරුණු අතර එහි දී ධනුෂ්ක අත්අඩංගුවට ගත් දින ඔස්ට්‍රෙලියානු පොලිසියට දුන් පැය දෙක හමාරක ප්‍රකාශය අධිකරණයට ඇසීමට සලස්වා තිබෙනවා.

එහි තමාට චෝදලා එල්ල කරන කාන්තාව ඇගේ නිවසේ දී හමු වූ රාත්‍රියේ තමාගේ පෙර භවය පිළිබඳ පැවසූ බවත්, තමා සහ ඇය පෙර භවයක අසල්වාසින් ලෙස සිටි බවත් පවසා තිබෙන බවත්, ඒ අනුව තමන් ඇය සමඟ තායිලන්තයේ අසල්වාසීන් ලෙස පෙර භවයක සිටි බවට පැවසීමත් සමඟ ඇයගේ ගුප්ත හැසිරීම ගැන බියක් ඇති වූ බවත් ධනුෂ්ක අත්අඩංගුවට ගත් දිනයේදී පොලිසියට පවසා තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

අදාළ කාන්තාවගේ පැමිණිල්ල දුරකථනය ඔස්සේ ලියාගත් පොලිස් නිලධාරිනිය එම සටහන් ඉරා විසිකොට ඇති බවත්, සිඩ්නි නුවර රෝස් බේ පොලිස් ස්ථානයට අනුයුක්තව කටයුතු කළ එම පොලිස් නිලධාරිනිය ධනුෂ්කගේ නිතිඥ මුරුගන් තංගරාජ් විසින් යොමු කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පිළිගෙන තිබෙනවා.