hit counter

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2024 මාර්තු 20, ප.ව. 10:55



ආබාධ තත්වය හේතුවෙන් ඩිල්ෂාන් මධුෂංකට මෙවර සිය පළමු IPL තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු මෙවර තරගවාරයේදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරිමට සූදානමින් සිටියා.

ඩිල්ෂාන් වෙනුවට මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ විශිෂ්ඨ දස්කම් දැක් වූ 17 හැවිරිදි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක Kwena Maphaka මුම්බායි ඉන්දියන්ස් සංචිතයට කැඳවා තිබෙනවා.

ඩිල්ෂාන් මධුෂංකව ඉන්දියානු රුපියල් කෝටි 4.6ක මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුණාය.