hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 10:46



ජයග්‍රහණයට සීමා නොවන අදහස් වලට වේදිකාවක් නමින් විද්වත් කතිකාවක් ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශාලාවේ දී පැවැත්වුණා.

මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය දහවන සංවත්සරය නිමිති කොටගෙනයි

මේ සඳහා නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා,ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක් වූ නව ක්‍රීඩා අමාත්‍යවරයා

” මේක මගේ කැමැත්තෙන් ලබාගත දෙයක් නෙමෙයි. මේක බෙල්ලෙ ගලක් බැඳලා මුහුදට දැම්මා වගේ. ඒකෙ කිසිම කෙනෙක්ට ඇවිල්ලා ඉන්න බෑ මං පුල් ආතල් එකේ හිටියෙ ඉඩම් අමාත්‍යාංශයටයි සංචාරක අමාත්‍යාංශයටයි වෙලා.

කලිනුත් ක්‍රීඩා අමාත්‍යාංශ මම හිටියා මාස 9ක්. කෙසේ නමුත් මම මේ කාර්යාලය බාරගත්තේ නෑ අපේ රාජ්‍ය අමාත්‍යවරයාට මේක දුන්නා මේකේ කිසිම අමාත්‍යවරයෙක්ට මුල් කාලේ ඉන්න බැරි වුණා. ඒක නිසා මං ටිකක් බය වුණා අපිට ක්‍රීඩාවට තවත් ආදේශක ගේන්න වෙනවා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩක් කරගෙන එනකොට විශාල අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා

ක්‍රීඩකයන්ගේ ඔළුවට වැඩිපුර විසබීජ දාන්නෙ පුහුණුකරුවන් එතනින් තමයි දක්ෂතා වැඩිදියුණු කරගන්න ගිහිල්ලා ප්‍රශ්නවලට මුහුණ දෙන්න තියෙන්නේ.

ලංකාවේ ක්‍රීඩාව කියන්නේ ක්‍රිකට් විතරක් නෙමෙයි හැමෝම කතා කරන්නේ ක්‍රිකට් ගැන මාව දාල තියෙන්නෙත් මේ ක්‍රිකට් පැටලිල්ල විසඳ ගන්න තමයි.

ක්‍රිකට් වංචාවලට දඬුවම් දෙන්න ක්‍රම අවුරුදු 10 සිරඬුවම් සහ මිලියන 100ක් දඩ ගහන්නත් පුළුවන්! මේක පහසුවෙන් විසඳගන්න තිබුණා දේශපාලන වාසියට කතා නොකළානම් ලැබුණු සහයෝගයෙන් නීතියක් ලෙස සම්මත කරන්න තිබුණා හොඳම උදාහරණය පාකිස්තානය පාකිස්තාන අගමැති තමයි ක්‍රිකට් සභාපති පත්කරන්නේ. ඒ නීතිය එරට ක්‍රීඩා නීතියේ තියෙනවා ICCයට බැහැ ඒකට අභියෝග කරන්න.

අපි කිසිම කෙනෙක් රකින් නෑ. එන සතිය වෙනකොට මම විශ්වාස කරනවා ක්‍රිකට් තහනම ඉවත් වෙයි. ඊයේ මම දුරකතනයෙන් සාකච්ඡා කළා. ඊළඟ අයිසීසී බෝඩ් මීර්ටිං එකට ආරාධනාවකුත් ලැබුණා එන්න කියලා…

ක්‍රීඩා අමාත්‍යංශයට එන ලොකුම කරදරේ තමයි කුඩා සම්මේලන මේ සම්මේලන 66 ප්‍රශ්න විසඳන්න ගියාම ක්‍රීඩාව කරන්න වෙන්නෑ මේ ප්‍රශ්නවලට ඇමැතිවරයා හිර උනාම ක්‍රීඩාව ගැන හොයන්න විදියක් නෑ.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයට මිලියන 43ක් මාසෙකට ගෙවනවා ඒක නිසා රාජ්‍ය අමාත්‍යවරයාට ක්‍රීඩා අමාත්‍යාංශයට එන්න කිව්වා.

ඒ හරහා ඉතුරුවන සල්ලි වලින් ක්‍රීඩා සංවර්ධන අරමුදලට මිලියන 50 ක් දාන්න පුළුවන්.

ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න ගැන හොයන්න පුද්ගලයෙක් ක්‍රීඩා අමාත්‍යාංශයේ දානවා.

එතකොට ඇමතිවරය කාමරේ පෝලිමේ හිටගෙන ඉන්න ඕනෑ.