hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 17, පෙ.ව. 8:42



ලෝක කුසලාන අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ දෙවන අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 49.4 අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 212ක් රැස් කරගත්තා.

දකුණු අප්‍රිකානු ආරම්භක මුල් පෙළ පිතිකරුවන් සිව් දෙනෙකු ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් ඉදිරියේ ලකුණු 24කට දැවී ගියා.

අනතුරුව පිටියට එක් වූ හෙන්රික් ක්ලාසන් සහ ඩේවිඩ් මිලර් අගනා සම්බන්ධතාවක් පස් වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුවා.

ලකුණු 47ක් දවා සිටි ක්ලාසන් දැවී ගියේ දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව 199ක් ලෙස දිස් වන විටයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මිලර් පන්දු 116ක දී ලකුණු 101ක් වාර්තා කළේ, වැටී තිබූ දකුණු අප්‍රිකානු ඉනිම ගොඩනගමින්.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් සහ මිචෙල් ස්ටාක් ලඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 213ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 47.2ක් තුළ කඩුලු 07ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා.

එහි දී Travis Head ලකුනු 63ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.

පන්දු යැවීමේ දී Gerald Coetzee සහ Tabraiz Shamsi කඩුලු දෙක බැගින් දවාගත්තා.

ඔස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලානයක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් 8 වැනි අවස්ථාව ද මෙයයි.

ඉන් අවස්ථාව 5කදී ඔස්ට්‍රේලියාව ශූරතාව දිනා ගෙන තිබෙනවා.

ඒ අනුව යළි දකුණු අප්‍රිකාවට සිදුවුණේ අවසන් පූර්ව වටයෙන් ලෝක කුසලානයට සමු දෙන්නටයි.

Example Image