hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2023 නොවැම්‍බර් 16, පෙ.ව. 1:36



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට ඉන්දියාවට හැකිවුණේ පළමු අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය ලකුණු 70කින් පරාජය කරමින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 397ක් ලබා ගත්තා.

විරාත් කෝලි ලකුණු 117ක් ද,ශ්‍රීයාස් අයියර් ලකුණු 105ක් ද , ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 80ක් ද,නායක රෝහිත් ශර්මා ලකුණු 47ක් ද ලබා ගත්තා.

ටිම් සවුති ලකුණු 100කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 48යි පන්දු 5කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 327ක් පමණයි.

නායක කේන් විලියම්සන් ලකුණු 69ක් ද , ඩැරල් මිචෙල් ලකුණු 134ක් ද ,ග්ලෙන් පිලිප්ස් ලකුණු 41ක් ද ලබා ගත්තා.

මොහොමඩ් ශමි ලකුණු 57කට කඩුලු 7යි.

ඉන්දියාව 2011 වසරේ එක්දින ලෝක කුසලානයෙන් පසු අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව ද මෙයයි.