hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 11, ප.ව. 10:00



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කරමින්.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 272ක් ලබා ගත්තා.

නායක හෂ්මතුල්ලා ෂාහිඩි ලකුණු 80ක් ද,අස්මතුල්ලා ඔමර්සයි ලකුණු 62ක් ද ලබා ගත්තා.

ජස්ප්‍රිට් බුම්රා ලකුණු 39කට කඩුලු 4ක් ද ,හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 43කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 35කදී කඩුලු 2ක් දැවී ලකුණු 273ක් ලබා තරගය ජය ගත්තා.

නායක රෝහිත් ශර්මා ලකුණු 131ක්ද, ඉෂාන් කිශාන් ලකුණු 47ක් ද, විරාත් කෝලි නොදැවී ලකුණු 55ක් ද ලබා ගත්තා.

ඉන්දියාව මෙවර ලෝක කුසලානයේදී අඛණ්ඩව ලද දෙවැනි ජයග්‍රහණය ද මෙයයි.