hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 19, ප.ව. 11:23



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව ලද 4 වැනි ජය වාර්තා කරන්නට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණේ බංග්ලාදේශය සමග පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින්.

පූනේහිදී පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 256ක් රැස්කලා.

Tanzid Hasan ලකුණු 51ක් ද ,ලිටන් ඩාස් ලකුණු 66ක් ද ,මහමුදුල්ලාහ් ලකුණු 46ක් ද ලබා ගත්තා.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 38කට කඩුලු 2ක් ද ,මොහොමඩ් සිරාජ් ලකුණු 60කට කඩුලු 2ක් ද, ජස්ප්‍රිට් බුම්රා ලකුණු 41කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 3කදී කඩුලු 3ක් දැවී ලකුණු 261ක් ලබා තරගය ජය ගත්තා.

නායක රෝහිත් ශර්මා ලකුණු 48ක් ද ,ශුබ්මන් ගිල් ලකුණු 53ක් ද , විරාත් කෝලි පන්දු 97කින් නොදැවී ලකුණු 103ක් ද ලබා ගත්තා.