hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 29, ප.ව. 11:49



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු පෙර පුහුණු තරගය බංග්ලාදේශය හමුවේ කඩුලු 7කින් පරාජය වුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 263ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 68ක් ද ධනංජය ද සිල්වා ලකුණු 55ක් ද ලබා ගත්තා.

මෙහෙදි හසන් ලකුණු 36කට කඩුලු 3යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 264ක් ලබා තරගය ජය ගත්තා.

ටැන්සඩ් හසන් ලකුණු 84ක් ද ,ලිටන් දාස් ලකුණු 61ක් ද ලබා ගත්තා.

මෙහෙදි හසන් නොදැවී ලකුණු 67යි.