hit counter

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:15



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ එංගලන්ත අතර පැවැති තරගයෙන් ලකුණු 229ක ජයක් වාර්තා කරන්නට ඉන්දියාවේ වංකඩේ ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 399ක් ලබා ගත්තා.

හෙන්රිච් ක්ලාසන් ලකුණු 109ක් ද, රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 85ක් ද, රසී වැන්ඩ ඩුසන් ලකුණු 60ක් ද, මාර්කෝ ජැන්සන් නොදැවී ලකුණු 75ක් ද ලබා ගත්තා.

රෙසී ටොප්ලි ලකුණු 88කට කඩුලු 3ක් දවා ගන්නට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 22කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 170ක් පමණයි.

මාර්ක් වුඩ් නොදැවී ලකුණු 43යි.

Gerald Coetzee ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත්තා.