hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:43



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයෙන් ලකුණු 102ක පරාජයකට මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගයේදී අඩු පන්දුවාර වේගයක් රදවා ගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

නියමිත කාළය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර දෙකක් අඩුවෙන් යවා ඇති බව එම තරගයේ විනිසුරුවරුන් විසින් නිරීක්ෂණය කර තිබෙන අතර ඒ අනුව තරග මුදලින් 10%ක දඩයක් පනවන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගත්තා.