2023 ඔක්‍තෝබර් 21, ප.ව. 6:57
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණේ නෙදර්ලන්තය කඩුලු 5කින් පරාජය කරමින්.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පිතිකරණයේ නිරත වූ නෙදර්ලන්තය පන්දුවාර 49.4කදී සියලු දෙනා දැවී ලකුණු 262ක් ලබා ගත්තා.
Sybrand Engelbrecht ලකුණු 70ක් ද ,Logan van Beek ලකුණු 59ක් ද ලබා ගත්තා.
ඩිල්ෂාන් මධුෂංක ලකුණු 49කට කඩුලු 4ක් ද,කසුන් රාජිත ලකුණු 50කට කඩුලු 4ක් ද ,දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.2කදී කඩුලු 5ක් දැවී ලකුණු 263ක් ලබා තරගය ජය ගත්තා.
පැතුම් නිස්සංක ලකුණු 54ක්ද, චරිත් අසලංක ලකුණු 44ක් ද, සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 91ක් ද ලබා ගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.
තරගයේ වීරයා සධීර සමරවික්‍රම.
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39