hit counter

2024 ජූනි මස 28 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:34



ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලොවම වැඩිම අවධානය දිනාගන්නා ඉන්දු – පාකිස්ථාන තරගය අද පස්වරු 3ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයට වර්ෂාව බාධා එල්ලවීමටත් ඉඩ ඇත්තේ මේදිනවලදී දිවයිනට බලපා තිබෙන අයහපත් කාළගුණය නිසයි.

මේ අතර මෙම තරගයේ ප්‍රවේශපත්‍ර මිලදී ගන්නට අද පෙරවරුවේදී ක්‍රීඩා ලෝලීන් දිගු පෝලිම් වල සිටියා.

ඒ අවසන් මොහොතේදී මෙම තරගයේ ප්‍රවේශපත්‍ර මිල ගණන් පහත දමන්නට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගැනීමත් සමගයි.

ඉන්දියාව සහ පාකිස්ථානය අවසන් වරට එක්දින තරගයකදී 2019 වසරේ එක්දින ලෝක කුසලානයේදී මුණ ගැසුණු අතර ඒ අනුව දෙරට එක්දින තරගයකදී හමුවන්නේ වසර 4කට පසුවයි.