hit counter

2025 ඔක්‍තෝබර් මස 20 වන සඳුදා

2023 දෙසැම්‍බර් 04, ප.ව. 12:10



අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර ක්‍රීඩා සමාජය සහ C H & F C ක්‍රීඩා සමාජය අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩා සමාජයේ පැවති තරඟය ලකුණු 13 – 22 ක් වශයෙන් ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්වීය.

තරඟයේ ප්‍රථම අර්ධය උත්සාහක දිනුම් 3ක් හා එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගත් මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 17 ක් රැස් කළ අතර C H F C ක්‍රීඩා සමාජය එක් දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු 03 ක් වාර්තා කළේය.

දෙවන අර්ධයේ එක් උත්සාහක දිනුමක් සමගින් තම ලකුණු තත්වය 22 දක්වා ඉහළ නැන්වීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වූ අතර එම අර්ධයේදී උත්සාහක දිනුමක් හා එහි ප්‍රවර්තනය මෙන්ම දඬුවම් පහරක්ද සාර්ථක කරගත් C H & F C ක්‍රීඩා සමාජය තම ලකුණු 13 ලබා ගත්තා.