hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:09



2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL ක්‍රීඩක වෙන්දේසියකදී අලෙවි වූ ඉහළම වටිනාකම මෙය වෙයි.

මතීෂ පතිරණව මිලදී ගනු ලැබුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්ය.

මතීෂ පතිරණ හිමුවූ මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61.20කි.

මේ අතර වනිඳු හසරංග ඉන්දියා රුපියල් කෝටි 2ක මුදලකට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ද පැතුම් නිස්සංක ඉන්දියා රුපියල් කෝටි 4 ක මුදලකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ද මිලදී ගත්තේය.

ඒ අනුව මෙවර IPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 7ක් එක් වෙයි.

වෙන්දේසියට ඉදිරිපත් නොකරම දුෂ්මන්ත චමීර , නුවන් තුශාර , එෂාන් මාලිංග හා කමිඳු මෙන්ඩිස් IPL කණ්ඩායම් විසින් රඳවා ගත්තේය.