2024 නොවැම්‍බර් 24, පෙ.ව. 8:25
2025 වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද සහ හෙට සෞදි අරාබියේ ජෙඩා නගරයේදී පැවැත්වීමට නියමිත ය.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 574 දෙනෙකු ඉදිරිපත් කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.
මෙවර තරගාවලිය සඳහා වෙන්දෙසියේදී තෝරා ගනු ලබන්නේ, ක්‍රීඩකයින් 204 දෙනෙකු පමණක් වන අතර ඒ අතරින් තෝරා ගැනෙන විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 70 දෙනෙකි.
මෙම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 19 දෙනෙකු ඉදිරිපත් කර තිබේ.
ඔවුන්ට මෙවන විට මූලික ලංසුවක් ද තබා තිබෙනවා.
එම ක්‍රීඩකයින් වන්නේ.
ක්‍රීඩක වෙන්දේසියට එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්;
ඉන්දීය රුපියල් ලක්ෂ 200 මූලික ලංසුව
වනිදු හසරංග
මහීෂ් තීක්ෂ්ණ
ඉන්දීය රුපියල් ලක්ෂ 75 මූලික ලංසුව
විජයකාන්ත් වියස්කාන්ත්
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
නුවන් තුෂාර
භානුක රාජපක්ෂ
ජෙෆ්‍රි වැන්ඩසේ
පැතුම් නිස්සංක
දුෂ්මන්ත චමීර
කමිදු මෙන්ඩිස්
දුනිත් වෙල්ලාලගේ
චරිත් අසලංක
ඩිල්ශාන් මධුශංක
දුෂාන් හේමන්ත
දසුන් ශානක
ලහිරු කුමාර
ඉන්දීය රුපියල් ලක්ෂ 30 මූලික ලංසුව
ඒශාන් මාලිංග
දුමිදු සෙව්මිණ
2025 ජූනි 01, ප.ව. 10:05
2025 මැයි 30, පෙ.ව. 1:14
2025 මැයි 28, ප.ව. 2:56
2025 මැයි 28, පෙ.ව. 7:04
2025 මැයි 28, පෙ.ව. 6:43