hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 10:53



ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ජස්වර් උමර් මහතා සභාපති ලෙස කොළඹ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මුලස්ථානයේදී වැඩ භාරගත්තා.

පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරුන් ඇතුළු විධායක කමිටුව ද මෙහිදී වැඩ භාරගනු ලැබුවා.

නව සභාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුවපාපන්දු විධායක නිලධාරියා ලෙස විදෙස් ජාතිකයෙකුගේ සේවය ලබා ගන්නා බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පාපන්දු ක්ෂේත්‍රයේ කසු කුසුවක් ඇතිව තිබේ.

ශ්‍රී ලංකාවේ ධනවත්ම ක්‍රීඩා සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවා එහි පරිපාලනයේ විධායක නිලධාරී තනතුර මෙරට අයකුට ලබා දෙද්දී පාපන්දු සභාපතිවරයා ලංකාවේ විධායක ප්‍රවීනයන් සම්බන්ධයෙන් අඩු තක්සේරුවක් කිරීම කැපී පෙනෙනවා.

එසේම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයක පසුවන ශ්‍රී ලංකාවට ක්‍රීඩාව හරහා හෝ ලැබෙන ඩොලර් තුට්ටුවත් නැවත රට පැටවීමට උමර් මහතා තීන්දු කිරීම විමතියට කරුණක්.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිතී සහ රෙගුලාසිවලට අනුව මෙවර පාපන්දු නිලවරණය පැවැත්වුණු අතර එහිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුර සදහා අයදුම්පත් කැදවා ඒ තුළින් කෙනෙකු තෝරා ගැනීමට FIFA විසින් නිර්දේශය කර තිබෙනවා.

මෙහිදි අදහස් දැක් වූ ජස්වර් උමාර් මහතා.

“ පාපන්දු පරිපානලය ශක්තිමත් කිරීම වැදගත්. පාපන්දු විධායක නිලධාරියා ලෙස විදෙස් ජාතිකයෙකුගේ සේවය ලබා ගන්නවා. ඒ වගේම පාපන්දු තාක්ෂණික අංශය වෙනුවෙන් අත්දැකීම් ඇති විදෙස් පුහුණුකරුවෙකු බඳවා ගන්නවා. ඒ වගේම පාපන්දු කැලැන්ඩරය ඉක්මණින්ම එළි දැක්වීමට කටයුතු කරනවා“