hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 01, පෙ.ව. 10:03



ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙවත් LPL-5 අද (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වනු ඇත.

එම තරගාරම්භයට පෙර නැටුම්, ගැයුම් සහ වැයුම් වලින් සමන්විත විචිත්‍රවත් සමාරම්භක උත්සවය ප.ව. 6.15 ට පැවැත්වීමට තරගාවලි සංවිධායකයෝ පියවර ගෙන තිබේ.

මෙම තරගාවලියේ සමාරම්භය ශ්‍රී ලංකා කාන්තා නායිකා චමරි අතපත්තු විසින් සිදුකිරීමට නියමිතය.

මෙම අවස්ථාවට LPL – 5 හි සන්නාම තානාපතිවරයා ලෙසින් කටයුතු කරන හිටපු ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ද සහභාගිවනු ඇත.

මෙවරත් තරගාවලියේ කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පැවැත්වෙයි.