hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 18, ප.ව. 6:58



ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 420 දෙනකු ඉදිරිපත් කිරීමට නියමිත තිබේ.

ඉන් ක්‍රීඩකයන් 154 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන අතර, සෙසු ක්‍රීඩකයන් 266 දෙනා විදෙස් ක්‍රීඩකයන් වනවා.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 600 කට වැඩි පිරිසක් ලියාපදිංචි වී තිබූ නමුත්, ඉන් ක්‍රීඩකයන් 266 දෙනකු පමණක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට තෝරාගත් බවත් තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල මහතා පැවසීය.

ලබන 21 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ දී ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන අතර, වෙන්දේසිය දහවල් 12.00 ට ආරම්භ වීමට නියමිත වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් මාර්ගෝපදේශ පිළිපැදීමට අපොහොසත් වීම හේතුවෙන් කණ්ඩායම් දෙකක හිමිකරුවන් ඉවත් කර තිබෙන බවත් අනාවරණය වුණා.

ඒ අනුව ගාල්ල හා දඹුල්ල කණ්ඩායම් මේ වන විට නව හිමිකරුවන් දෙදෙනකු යටතට පත්ව ඇත.

මහනුවර කණ්ඩායමේ හිමිකාරීත්වයේ ද වෙනසක් සිදු වීමට නියමිතව තිබේ.