hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 17, ප.ව. 11:11



ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කායවර්ධන සංගමය සංවිධාන කළ කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා තරගාවලිය පසුගිය දා බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදී පැවැත්වුණා.

මෙහිදී ප්‍රවීණයන්ගේ,Mr හර්කියුලස් සහ
කාන්තා ෆිසික්ස් ඇතුළු කාණ්ඩයෙන් පහකින් තරගාවලිය ක්‍රියාත්මක වුණා.

ඊට ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 100කට අධික සංඛ්‍යාවක් තරග කළා.

කාන්තා ෆිසික්ස් කාණ්ඩය ජය ගැනීමට සමත් වුණේ එකෝ ෆ්‍රෙන්ඩ්ලි ක්‍රීඩා සමාජයේ
E.N.T.මැණිකේ ඒකනායකයි.

මාස්ටස් තරගාවලියේ ශූරතාවය Life fitness ක්‍රීඩා සමාජයේ M.H. හුසේන් දිනා ගත්තා.

හර්කියුලස් ශූරතාවය හිමිකර ගත්තේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ U.J.I ප්‍රනාන්දු විසින්.

ප්‍රවීණයන් සඳහා පිරිනමන තිලක් ජයවීර කුසලානයද ප්‍රධානය කෙරුණා.

U J.I ප්‍රනාන්දුට කායවර්ධන තරගයක ප්‍රථම වතාවට රන් කඩුවක් ලබාදීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කායවර්ධන සංගමය කටයුතු කර තිබුණා.

Example Image