hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2026 ජනවාරි 12, ප.ව. 9:48



T 20 ලීග් ක්‍රිකට් තරගාවලියක එක්ව පන්දුවට පහර දුන් පළමු පිය පුතු ලෙස ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් නබී සහ ඔහුගේ පුත් හසන් අයිසකිල් වාර්තා අතරට එක් විය.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නොකාලී එක්ස්ප්‍රස් කණ්ඩායම වෙනුවෙන් නබී සහ පුගේ පුත් හසන් අයිසකිල් ක්‍රීඩා කළේය.

ඩකා කැපිටල්ස් කණ්ඩායමට එරෙහි තරගයේදී හසන් අයිසකිල් ලකුණු 92ක් හා මොහොමඩ් නබී ලකුණු 17ක් රැස්කළා. 

ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ලකුණු 53ක සබඳතාවයක් එක් කිරීමට සමත් වීමත් විශේෂත්වයකි. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නොකලී එක්ස්ප්‍රස් කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 184ක්.

ලකුණු 185ක ඉලක්කයක් හඹා ගිය ඩකා කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 2ක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 143ක් පමණයි.