hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 03, ප.ව. 11:06



මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට දෙවැනි පදක්කම ලෙස තවත් රිදී පදක්කමක් දිනාදීමට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ සමත්වුණා.

ඇය නව ශ්‍රී ලංකා වාර්තා බිහිකරමින් මීටර් 61.57ක දුර දක්ෂතාවක් දැක්වූවා.

මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මීටර් 62.92ක දස්කමක් දැක් වූ ඉන්දියාවේ අන්නු රාණියි.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කරගත්තේ චීනයේ ලියූ හුයිහුයි.

ඇයගේ දක්ෂතාව ලෙස සටහන් වූයේ මීටර් 61.29ක් ලෙසටයි.

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උලෙළ ජවන හා පිටියේ ඉසව්වන්ගෙන් පදක්කම් දිනා ගත්තේ වසර 17කට පසුවයි.

නදීෂා දිනාගත් මෙම පදක්කමත් සමග පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව 29 වැනි ස්ථානයේ සිට 27 දක්වා උසස් වුණු අතර, ඊට ශ්‍රී ලංකාව රිදී පදක්කම් 02ක් එකතු කර තිබෙනවා.

අනෙක් රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමයි.