hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2024 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:55



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර තිබෙනවා.

ඒ අනුව ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යළි අවස්ථාව ද හිමිවිය.

2024 ලංකා ප්‍රීමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නිරෝෂන් දික්වැල්ල තරගාවලිය අතරතුර කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බවට චෝදනා එල්ල වී තිබුණා.

ඒ පිළිබදව ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන ආයතනය සිදුකළ පරීක්ෂණයේදී දික්වැල්ල කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට තහවුරු වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දික්වල්ලට පසුගිය අගෝස්තු මාසයේදී වසර 3ක ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කළාය.

දික්වැල්ලට මීට පෙර ද විනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.