hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2023 අගෝස්‍තු 23, ප.ව. 12:34



සිම්බාබ්වේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රීඩක මෙන්ම නායකයෙකු ද වන හීත් ස්ට්‍රීක් මියගිය බවට පැතිරුණු පුවත අසත්‍යයක් බව මේවන විට වාර්තා වනවා.

මෙම වැරදි ප්‍රවෘත්තිය ප්‍රචාරය කර ඇත්තේ හීත් ස්ට්‍රීක්ගේ හිටපු ක්‍රිකට් සගයෙකුවන හෙන්රි ඔලොංගා විසින්.

හීත් ස්ට්‍රීක්ගේ අභාවය පිළිබඳ තබන ලද සටහන වැරදි බව සඳහන් කරමින් හෙන්රි ඔලොංගා නැවත පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, හීත් ස්ට්‍රීක් ජීවතුන් අතර සිටින බවයි.

හීත් ස්ට්‍රීක් මේ පිළිබඳ පවසන්නේ “එය සම්පූර්ණ කටකතාවක් සහ බොරුවක්. මම ජීවතුන් අතර සහ හොඳින්. මම ඉතා කණගාටු වෙමි. මෙය පැතිරවූ කෙනා සමාව ගත යුතු යැයි මම විශ්වාස කරමි. ප්‍රවෘත්තියෙන් මට රිදුණා” යනුවෙන්.