2024 ඔක්‍තෝබර් 03, පෙ.ව. 7:02
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට වසරක සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.
ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංගනය කළ බව ඔහු විසින් පිළිගැනීමෙන් අනතුරුව මෙම තහනම පනවා තිබේ.
ප්‍රවීන් ජයවික්‍රමට පැන වූ මෙම තහනම මාස 6කට අත් හිටවූ තහනමක් ලෙස ක්‍රියාත්මක වෙයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා 3ක් එල්ල කළා
ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම සඳහා ඔහු වෙත සිදුකර තිබූ යෝජනා සම්බන්ධයෙන් දුෂණ විරෝධී ඒකකය දැනුම්වත් නොකළ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනා අතර වෙයි.
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41
2025 අප්‍රේල් 15, ප.ව. 4:39
2025 අප්‍රේල් 14, ප.ව. 7:29