hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2023 නොවැම්‍බර් 27, ප.ව. 5:29



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත් කළ අන්තර් පාලන මණ්ඩලයකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනුකළ කළ පෙත්සම අද යළි සලකා බැලුවා.

එහිදි පස්වැනි වරටත් මෙම නඩුව කල් ගිය අතර නඩුව හෙට යළි කැදවීමට නියමිතයි.

මේ අතර අද පස්වරුවේදී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් රොෂාන් රණසිංහ මහතා ඉවත් කරන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.