hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 12:40



ප්‍රථම ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේදී තරගවාදීමට ක්‍රීඩකයින් පොළඹවා ගන්නට උත්සහ කිරීමට සැකපිට අත්අඩංගුව ගෙන ඇති ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ විමර්ශනයට අදාළව තිබෙන සචිත්‍රගේ හඩ පටයකට අදාළව හඩ පරික්ෂණයක් පැවැත්වීම සදහායි.

ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායකට මුදලට තරග පාවාදීමට බලපෑම් සිදු කළ බවට සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වී තිබෙන අතර රක්ෂිත බන්ධනාගාර කර තිබෙන සචිත්‍ර සේනානායක ලබන 15 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.