hit counter

2026 ජනවාරි මස 12 වන සඳුදා

2023 අගෝස්‍තු 22, ප.ව. 12:00



ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් T20 තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත (Player Draft) සඳහා පන්දු යවන්නන් කෙටුම්පත් කිරීමේදී ශ්‍රී ලංකාවෙන් ලක්ෂාන් සඳකැන් ඉදිරිපත්ව සිටිනවා.

පන්දු යවන්නන් ලෙස ක්‍රීඩක කෙටුම්පත සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්ව සිටින එකම ක්‍රීඩකයා වන්නේද ඔහුයි.

ඇෆ්ගනිස්ථානයෙන් ක්‍රීඩකයින් 03ක් එංගලන්තයෙන් ක්‍රීඩකයින් 13ක් අයර්ලන්තයෙන් එක් ක්‍රීඩකයෙක් දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් 05ක් සහ බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයෙන් ක්‍රීඩකයින් 05ක් යනාදී වශයෙන් පන්දු යවන්නන් කෙටුම්පත් කිරීමට එක්ව සිටිනවා.

2023 බිග්බෑෂ් ලීග් තරගාවලිය දෙසැම්බර් මස 07 වැනිදා ආරම්භ වීමට නියමිතයි.