hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 08, ප.ව. 12:05



බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් එරට මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිස තිබෙනවා.

එහිදී ඔහු ඡන්ද 185,388කින් ජය ලබාගැනීමට සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෑතකාලීනව බංග්ලාදේශ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලද තෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශකීබ් අල් හසන් ඉතිහාසයට එක්වන අතර, ඔහු බංග්ලාදේශ මහා මැතිවරණය ජයගත්තේ අගමැති ෂේක් හසීනාගේ අවාමි ලීගයෙන්.

මීට පෙර බංග්ලාදේශ පාර්ලිමේන්තුව නියෝජනය කර ක්‍රිකට් ක්‍රීඩකයින් වන්නේ මෂ්රාෆි මොර්ටාසා සහ තමීම් ඉක්බාල්.