2024 මාර්තු 25, පෙ.ව. 9:58
බංග්ලාදේශය සමඟ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ටෙස්ට් ඉනිම් දෙකේදීම ශතක ලබා ගන්නට ටෙස්ට් නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් සමත් විය.
පළමු ඉනිමේදී ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැගින් ලබා ගත් අතර දෙවැනි ඉනිමේදී කමිඳු ලකුණු 164ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 108ක් ලබා ගත්තේය.
2014 වසරේ කුමාර සංගක්කාරගෙන් පසු ශ්‍රී ලංකා පිතිකරුවකු ටෙස්ට් තරගය ශතකයක් ලබා ගත්තේය.
ටෙස්ට් තරගය කණ්ඩායමක් තුළ ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉනිම් දෙකේදීම ශතක ලබා ගත්තේ ලොව තුන්වැනි වරටය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 280යි.
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 188යි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 418යි.
බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 511ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.
තුන්වැනි දිනයේ තරගය අවසන් වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 47ක් ලබා සිටියේය.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41