hit counter

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 14, පෙ.ව. 5:36



2015 වසරෙන් අනතුරුව නවසීලන්තයට එරෙහිව එක්දින ක්‍රිකට් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දඹුල්ලේදී පැවැති මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 45කින්‍ ය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2කදී වාර්ෂාව ඇඳ හැලෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 324ක් ලබා සිටියේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 143ක් ද,අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 100ක් ලබා ගත්තා.

කුසල් සහ අවිශ්ක 4 වැනි එක්දින ශතක වාර්තා කළා.

වර්ෂාවෙන් බාධා එල්ල වූ මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 27කදී ජයග්‍රහණය සඳහා ලකුණු 221ක ඉලක්කයක් හිමිවිය.

ඔවුන්ට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී කඩුලු 9ක් දැවී  රැස්කිරීමට හැකිවූයේ 175ක් පමණි.

මහීෂ් තීක්ෂණ ලකුණු 32කට කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

මේ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.