hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 28, ප.ව. 10:34



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිමක පරාජයෙන් ගැලවීමට නවසීලන්තය ලකුණු 514ක ඉලක්කයක් හිමිව තිබේ.

නවසීලන්තය තරගයේ තුන්වන දිනය අවසන් වන විට දෙවන ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබා සිටියේය.

ඩෙවෝන් කොන්වේ ලකුණු 67ක් ලබා ගත්තා.

නිෂාන් පීරිස් ලකුණු 91කට කඩුලු 3 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමට ලකුණු 602ක් ලබා ගත්තා.

නවසීලන්ත ප්‍රථම ඉනිම ලකුණු 88 කට අද සීමා විය.

මෙම ඉනිමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 42කට කඩුලු 6ක් ද, නිෂාන් පීරිස් ලකුණු 33කට කඩුලු 3ක් ද දවා ගත්තේය.

නවසීලන්තය ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 315ක් පිටුපසින් සිටියි.

තරගයේ 4වන දිනය හෙටයි.

Example Image