hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 17, පෙ.ව. 9:13



සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20 තරගාවලියේ දෙවැනි තරගය කඩුලු 4ක අනපේක්ෂිත ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවිය.

ඒ අවසන් පන්දුවාරයේදි සිම්බාබ්වේ කණ්ඩායමට තරගය ජයග්‍රහණය සදහා අවශ්‍යව තිබූ ලකුණු 20 ආරක්ෂා කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වීම හේතුවෙනි.

ඒ අනුව, ඉතිහාසයේ පළමුවරට පන්දුවාර 20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණ්යේදී පැවැති එම දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර, පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස්කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 04 ලකුණු 27ක් තුළ බිදවැටුණු අවස්ථාවේ පිටියට එක්වූ ඇන්⁣ජලෝ මැතිව්ස් සහ චරිත් අසලංක 5 වැනි කඩුල්ල සදහා ලකුණු 118ක සබදතාවක් ගොඩනැගුවා.

ඇන්⁣ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66ක් සහ චරිත් අසලංක ලකුණු 69 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී ලකුණු 178ක් රැස්කරමින් තරගය ජයගත්තේය.

ක්‍රේග් අර්වින් ලකුණු 70යි.

සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ලුක් ජොන්ග්වේ නොදැවී ලකුණු 25ක් ද ,ක්ලයිව් මඩන්ඩේ නොදැවී ලකුණු 15ක් ලබා ගත්තා.

පන්දු යැවීමේඩී දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් ලබාගත්හ.