hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2024 ජූනි 22, පෙ.ව. 12:24



බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 161කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 275ක් ලබා ගත්තේය.

විශ්මි ගුණරත්න ලකුණු 44ක් ද නායිකා චමරී අතපත්තු ලකුණු 91ක් ද නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් ද අනුෂ්කා සංජීවනි ලකුණු 55ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 34.5කදී ලබා ගත්තේ ලකුණු 115ක්ය.

ඕෂධී රණසිංහ ලකුණු 14කට කඩුලු 2ක් ද ,සචිනි නිසංසලා ලකුණු 28කට කඩුලු 5ක් ද දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව ,බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගත්තේය.

කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව 2008 වසරෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක්දින තරගාවලියක් ජය ගත්තා.